පඤ්ඤානන්ද මහා විද්‍යාලය

2024 තෙවන වාර විභාගය

ssss.png
ssss.png

විදුහල්පති පණිවිඩය

ආර්.එම්.එස්. රත්නායක මහතා

කුඹුක්කන ප්‍රදේශයේ පහස ලබමින් අප මො/පඤ්ඤානන්ද මහා විද්‍යාලය  වෙල්ලස්සේ ඉතාමත් දීප්තිමත්ව වැජඹේ. දිනෙන් දින සාර් ථකත්වය නම් වූ පඩිපෙළේ අඩියෙන් අඩිය අප පාසල පිය මනින්නේ පාසලේ සිසු දරුවන්ගේ කොට්ඨාස, කලාප, පළාත්, සමස්ථ ලංකා ජයග්‍රහණ මධ්‍යයේ ය. අප පාසලේ සෙවණ ලබමින් ගුණයෙන් නැණයෙන් පෝෂණය වූ බොහෝ පුරවැසියන් අද වන විට මේ පුංචි දිවයිනේ ඉතාමත් ඉහළ මට්ටම්වල කටයුතු කරමින් රටට දැයට විශිෂ්ඨ සේවයක් සිදු කරන්නේ අප පාසලටද කීර් තියක් අත් කර දෙමිනි. ඒකදු පරිගණකයක්වත් නොමැතිව ආරම්භ වුණු අප පාසල අද වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයෙන්ද ඉහළට ගොස් දිදුලයි. සාර් ථකත්වය නැමැති මාවතේ ගමන් කරන අප පාසලට අත්වැලක්ව සිටින විවිධ පාර් ශව සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ඉතාමත් සාර් ථක ක්‍රමයක් ලෙස මම දකිමි. අප පාසල හා සම්බන්ධ සියලුම පාර් ශව සඳහා පාසලේ කටයුතු සාර්ථක කරගැනීමට ‍පිටුවහලක්  වන ලෙස මා ආරාධනා කර සිටිමි. මෙම කර් තව්‍යය මැනවින් සාර් ථක කර ගැනීම සඳහා වචනයකින් හෝ උරදුන් සියලුම දෙනාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරමින් නැණයෙන් ගුණයෙන් පිරිපුන්ව සුවඳ දසත විහිදුවමින් මල් සේ පිපෙන්නට සියලු දරු දැරියන්ට ශක්තිය,ධෙෙර්‍යය,වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.

ආර්.එම්.එස්. රත්නායක මහතා
විදුහල්පති
මො/ පඤ්ඤානන්ද ම.වි.