පඤ්ඤානන්ද මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2024 තෙවන වාර විභාගය

ssss.png
ssss.png

 

 

වර්ෂ 1957 .01.03 වන දින මො/කුඹුක්කන ප්‍රාථමික විද්‍යාලය යන නමින් සිසුන් හය දෙනෙකුගෙන් මෙම විදුහල ආරම්භ විය.මෙහි මුල් ගුරු (ආරම්භක විදුහල්පති) ලෙස කේ.ඩී.ඇල්බට් මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.එමෙන්ම මෙහි ආරම්භකගොඩනැගිල්ල පොල් අතු සෙවිලි කළ දිග අඩි 30 ක් හා පළල අඩි 15 කින් යුක්ත විය.

1979 දෙසැම්බර් මස කණිෂ්ඨ විද්‍යාලයක් කළ බවත්,ඒ වන විට 10 ශ්‍රේණිය දක්වාමෙහි පංති තිබූ බවත් සඳහන් වේ.ඒ සමඟම විද්‍යාලීය නාමය මො/කුඹුක්කන කණිෂ්ඨ විද්‍යාලය බවට පත් විය.

2001.07.06 වන දින මහා විද්‍යාලයක් බවට පත් කළ අතර, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ පංති ආරම්භ කරන ලදී.මෙහි ආරම්භක අවස්ථාව ඔක්කම්පිටියේ පඤ්ඤානන්ද හිමිගේ මූලිකත්වයෙන් සිදු කළ අතර මෙවකට විදුහල්පති වූයේ ආර්.එම්.රත්නායක මහතාය.ඉන් අනතුරුව විද්‍යාලීය නාමය මො/කුඹුක්කන මහා විද්‍යාලය බවට පත්විය.